උසස් පෙළ……..
September 14, 2011
නිසදැස්, මගේ අදහස් Batuwangala school, nimeshaneranjani 1 Comment
ජීවිත ගමනේ
යහපත් මිහිරි වචනම නිති පවසන්න…. සන්සුන් හදක සැනසුම ඉන් ලැබ ගන්න
July 18, 2011
පොත් පත් ඇසුරෙන් Batuwangala school, nimeshaneranjani Leave a comment
මුණ ගැහුණම හායි හායි
වෙන්වෙන කොට බායි බායි
හායි-හායි බායි බායි හායි ඔයාලා
යනවද බායි කියාලා
දැන් ඉන්නේ අම්මිලාය අම්මල දැන් නෑ
තාත්තිලයි දැන් ඉන්නේ තාත්තලත් නෑ
නැන්දත් දැන් ඇන්ටි වෙලා නැන්දල දැන් නෑ
අන්කල්ලා මිසක් අනේ අද මාමල නෑ
එපා දුවේ කිසිම දිනක
හිමිහට අයියේ කියන්න
ලබැදි සොදුරු ඇමතුමකින්
ඔබෙ අදහස පහද දෙන්න
ලස්සන පැද්දෙන සුන්දර ලෝකේ……. යෞවනයයි අපෙ ඉමිහිරි කාලේ………..
July 18, 2011
පොත් පත් ඇසුරෙන් Batuwangala school, nimeshaneranjani Leave a comment
අපි අද ජීවත් වෙන්නෙ සංකීර්ණ සමාජයක. තරුණ වයස ජීවිතයේ තීරණාත්මක යුගය. තාරුණ්‍ය හරිම සුන්දරයි. ඒ සුන්දරත්වය විදීමට නම් අපි ඉතාම කල්පනාකාරී විය යුතුය.ඔබේ සිත වසග කරගන්න, මුලාවට පත් කරවන්න, විවිධ දේ ඔබ හමුවට එනවා.මුදලට මුල් තැන දුන් මේ වාණිජ ලෝකයේ රැල්ල , ඔවුන්ගේ පසුම්බි පුරවා ගැනීමට ඔවුන් ඔබව ගොදුරු කර ගැනීමටයි වෙර දරන්නේ. එසේම ඇතැම් මාධ්‍ය වලින් තොරතෝංචියක් නැතිව පෙම් තෙපුල් වැනි දෙයින් නොගැඹුරු සල්ලාප වලින් ඔබ නලවනවා.අද යෞවනයන් වෙනුවෙන්ම වෙළද පොළක් නිර්මාණය වී ඇතැයි විටෙක සිතෙනවා.
ඒ නිසා අපි බුද්ධිමත් වෙන්න ඕන.භෞතික දියුණුව සොය සොයා ඒ පසුපස යෑම අප අපේම අනාගතය අදුරු කර ගැනීමකි. මිරිගුව පසුපස යන මුවන් සේ නවීන විලාසිතා ඔස්සේ ගොස් විනාශය කරා යන ගමන වේගවත් කරගෙන ඇත.මේ හේතුව නිසා අපේ ඇතැම් යෞවන, යෞවනියන් ගගේ මුහුදේ ගැඹුර සොයනවා. කෘමිනාශක බෝතලේ රස බලනවා.රේල්ලුවේ දිග සොයන්න වෙහෙසුන අවස්ථා එමටයි.මින් කදුළු සැලුවෝ -සුසුම් හෙළුවෝ කවුරුන්දැයි මදක් සිතන්න.
අතීතයට ගොස් සිත සිත ඉන්න එපා
අනාගතය ගැන පතමින් තැවෙනු එපා
වර්තමානයට ඇල්මෙන් ඉන්න එපා
හොද දේ කරනු හැම මොහොතෙම සිනහ පපා….
ඉගිලෙන්නට බැහැනේ…….තටු ඇවිදින් නෑනේ…. ආදරෙයි මං ආදරෙයි……
July 5, 2011
පොත් පත් ඇසුරෙන් Batuwangala school, nimeshaneranjani 1 Comment
පුංචි කාලේ අම්මයි තාත්තයි ඔබව මැදි කරගෙන ඔබෙන් මෙහෙම අහන්න ඇති…. ඇත්තටම ඔයා වැඩියෙන් ආදරේ අම්මටද? තාත්තටද? ඔබේ පුංචි හිතට ලොකු ප්‍රශ්නයක් වුනා නේද?… එය
අම්ම හොදයි කීවත් වැරදියි- තාත්තා හොදයි කීවත් වැරදියි
එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි දෙන්නම හොදයි කියා……….
ඔයාලට ඒ වෙලාවේ ඒ සිංදුව මතක් වෙන්න ඇති.අම්මට වැඩියෙන් ආදරෙයි කියලත් බෑ…..තාත්තට වැඩියෙන් ආදරෙයි කියලත් බෑ….. දෙන්නම ඔබට ඕන. ඒ වගේම ඔබ පුංචි කාලේ……….
ආදරේ ඇයි පොඩි හද මාමේ – ඔබට මෙතරම් දරුවෝ…………
හද මාමාට………. ලස්සන කුරුල්ලන්ට……….පාට පාට මල්වලට………බෝනික්කන්ට……….. ආදරය කරපු ඒ අපේ පුංචි යාළුවෝ …. මෙන්න ඉගෙන ගන්න අතරෙ ආදරයෙ අතරමං වෙලා…………
ආදරයට කිසිකෙනෙකුට දොස් කියන්න බෑ…….ආදරයෙ සියුම් පැතිකඩවල් තිබෙනවා. ප්‍රේමය…….. මෛත්‍රිය…… කරුණාව…………සුහද බව…………ලෙන්ගතුකම……… දයාව……….මිතුරුකම……. හිතෛශීභාවය……මේ සියල්ලටම ආදරේ මුසුවීමක් තියෙනවා…
යොවුන් වියේදි ආදරයෙන් බැදීම ස්වාභාවිකයි. ඒ ආදරයට අප කියන්නෙ ප්‍රේමය කියල………….එහෙත් කිරි සුවද මුවින් විහිදෙන පාසල් අධ්‍යාපනය ලබන කුඩා කුමර කුමරියන්ට කුමන ප්‍රේමයක්ද?
ආදරණීය යාළුවනේ…….යෞවන ආදරය නැත්නම් තුරුණුවියේ ආදරය හරිම සුන්දරයි. ආදරය කරන්නටත් ආදරය ලබන්නටත් පුදුම ආශාවක් කා තුලත් තියෙනවා……අපි හැමෝම ජීවත්වන්නේත් අපට ජීවත් වීමට ජීවය දෙන්නේත් ආදරයයි…. එහෙත් ඒ ආදරය බොහෝ විට අන්ධයි….ඇතැම් සතුන් දිවා කලට අන්ධයි…එහෙත් ආදරයෙන් අන්ධ වූ අය
දිවා රෑ දෙකෙහිම අන්ධයි..ඔබේ ඒ අන්ධ බව නිසා රාග ගින්නෙන් සතුටු වන විට ඒ තුලින් සිය දෙනෙත් දුකට පත් වන බව සිතන්න……….
ඉදිරි මග……..
July 5, 2011
පත්තර ඇසුරෙන් Batuwangala school, nimeshaneranjani Leave a comment
ශාපලත් පරාජය
වෙස්වලාගත් ආශිර්වාදයකි
සදාකාලික නොවූ පරාජය
ඔබේ ඉදිරි මග සාදයි…….
දිවියට ඉඩක්…
July 4, 2011
පත්තර ඇසුරෙන් Batuwangala school, nimeshaneranjani 1 Comment
හිගා කා ගෙන වත්
කිලිටු වැරහැලි ඇදවත්
බිම වැටී ඉදවත්
මහත් සැප වෙයි ඉගෙන ගත හොත්
ශ්‍රී ලාංකේය වර්තමාන සිසු පරපුර මුහුණ පා ඇති ප්‍රධානතම ගැටලුව දුප්පත්කමයි. ලෝකයේ තුන්වෙනි පෙලේ රටවල් මේ ප්‍රශ්නය ඉදිරියේ ඉතා අසරණ ව ඇත. විශේෂයෙන් ම ළමා පරපුර මන්ද පෝෂණයෙන් පෙළීම මෙහි බැරෑරුම් බව කියා පායි.
කෑමබීම, ඇදුම් පැළදුම්, ඉදුම්හිටුම්, ආදී මූලික සම්පත් වල හිගකම, ඉගෙනීම කෙරෙහි උනන්දුව අඩු වීමට හේතුවකි.
එහෙත් ඉගෙන ගන්නා දරැවාට මේ කිසිත් ගැටලුවක් නොවේ.සිය බලාපොරොත්තු ඉටු කරගැනීම සදහා මේ අභියෝග ජය ගැනීමට තමා තමාටම අවවාද කර ගත යුතුය. රට ඉදිරියේ සිය අභිමානය තහවුරු කරගත් පිරිස සියල්ලෝම ධනවත්තු නොවෙති. වැඩි දෙනා දුක් මහන්සියෙන් ඉගෙන ගත් අහිංසක දරුවෝ වෙති.
අද මෙන් ගමන් පහසුව නැති, අඩුම වශයෙන් හරියාකාර මාර්ග පද්ධතියක් නැති රටක, සැතපුම් හතර පහ පයින් පාසල් ගිය ශිෂ්‍ය පිරිස අද රටේ පාලකයෝ වී සිටිති. එකල පාසල තුලද පහසුකම් ඉතා අඩු විය. ඒ සියලු අඩුපාඩුකම් ඉදිරියේ බාධක ජයගත් අපේ වැඩිහිටියෝ අද යහපත් පුරවැසියෝ වී සිටිති.
කදුළු අතරින් සිනාවක්…………..
June 16, 2011
පත්තර ඇසුරෙන් Batuwangala school, nimeshaneranjani Leave a comment
කමල් ඉතාමත් දුප්පත් ළමයෙකි.ඔහුගේ මව කුසුමාය.ඇය වළව්වක මෙහෙකාර සේවයේ නිරත වෙයි.ඔහුගේ පියා පොල් ගසකින් වැටීම නිසා කකුලේ ඇගිලි අප්‍රානිකවී ඇවිදීමට නොහැකිය. සැමදාම එකතැනකට වී සිටින ඔහුගේ
කකුල් වල ඇගිලි දිග හරින කමල් මම කවද හරි දොස්තර කෙනෙක් වන බව සිතුවාය.
කමල් ගමේ පාසලෙන් ඉගෙනුම ලැබුවාය. මව කෙසේ හෝ මුදල් සොයා ගෙනවිත් පාසල් යවයි. කමල් තම මව විදින දුක තේරුම් ගෙන හොදින් ඉගෙනුම ලබයි. කමල් දැන් සිටින්නේ 11 වසරේය. ඔහුට ඇත්තේ එක කමිසයක් සහ කලිසම් දෙකකි. සැමදාම පිරිසිදු කරගෙන අදින කමිසය හොදටම දිය වෙලාය. ඔහුගේ පන්තියේ ළමයි ඔහුට උගුරැස්ස වලින් ගසයි.එවිට ඔහුගේ ඇදුම් වල උගුරැස්ස කහට ගෑවෙයි. සමහර දිනවල ළමයි ඔහුට විහිළු කරයි. ඔහුට ඇඩෙන වෙලාද අප්‍රමානයි.
කමල් සාමාන්‍ය පෙල විභාගයට මුහුණදී ඉතා උසස් අන්දමින් සමත් විය. උසස් පෙල විද්‍යා අංශයෙන් හදාරා වෛද්‍යවරයෙක් වී ගමට සේවය කරන අතරම තම පියාගේ දෙපා ඔහුගේ දෑතින්ම සුව කරන ලදි.එවෙලෙහි පියාට සහ මවට ඇතිවූ සතුට නිසාම ඔවුන්ට ඇඩුණි.ඒ සතුටු කදුළු ඔවුන්ගේ ඉදිරි ජීවිතයට ආශිර්වාදයක් විය.
මේ පාරත් මට දෙන්න…..
June 13, 2011
පත්තර ඇසුරෙන් Batuwangala school, nimeshaneranjani 1 Comment
තමන්ගෙ ආසනයේ සිටින සිරිපාලගේ ගෙදරට මන්ත්‍රී තුමා ගොඩවිය.
මන්ත්‍රී තුමා: මේ පාරත් සිරිපාලගේ ඡන්දය මටම දෙන්න ඔනෑ. මට ඡන්දය දුන්නොත් දන්නවනේ මම
සිරිපාලව රජ කරනවා.
සිරිපාල: අපෝ බෑ…………මම රජ වුනොත් අපේ ගෑනි අගබිසව් වෙනවනේ……..
මන්ත්‍රීතුමා: ඉතිං කොච්චර ෂෝක්ද………..?
සිරිපාල: හොදට හිටී….ඊට පස්සෙ අල්ලපු ගෙදර සෝමෙට යුවරජකම දෙන්න වේවි.
පස්සෙ ගමු…..
June 13, 2011
පත්තර ඇසුරෙන් Batuwangala school, nimeshaneranjani Leave a comment
එක්තරා සමාගමක කළමනාකරුවෙකු තම කාර්යාලයේ රැදී සිටියේ එදිනම විදේශයකට යැවිය යුතු වූ වැදගත් ලිපියක් සකසමිනි.ඔහුගේ ලේකම්වරිය ද අසලම රැදී සිටිමින් එම ලිපියට අමුණා යැවිය යුතු ලේඛනයක් යතුරු ලියනය කරමින් සිටියාය.
දුරකථනය හදිසියේ නාද වන්නට වූයෙන්නැගිට ඒ වෙත ගොස්, එයට පිළිතුරු දුන් ලේකම්වරිය මදකට රිසිවරයෙන් මෑත් වී කළමනාකරු අමතා මෙසේ කීවාය.
“ සර් …… මෙන්න සර්ගෙ පොඩි දුව කියනවා තාත්තිට ෆෝන් එකෙන් kiss එකක් දෙන්න ඔනැලු ’’
“මට මෙතැනින් නැගිටින්න විධියක් නෑනෙ ඩල්සි. ඒක ඔයා ඉල්ල ගන්න. මට පස්සෙ ඒක ඔයාගෙන් ගන්න බැරියැ.’’ කළමනාකරු කීවේ තම කාර්යයේ නිරත වෙමින්මය.
අහිමි වූ සතුට…..
September 13, 2010
මගේ අදහස්, මගේ කවි nimeshaneranjani Leave a comment